වැලිකන්ද COVID රෝහලට ලංවිමෙන් විෂබිජහරණ කුටියක්
පොළොන්නරුව වැලිකන්ද (covid 9) විශේෂිත ප්‍රතිකාර ඒකකයට අඩුපාඩුවක්ව පැවැති විෂබීජජිවානුහරණ කුටියක් ලබාදිම ලංකා විදුලි බල මණ්ඩලයේ මින්නේරිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ නිලධාරින් විසින් (17) දින එම රෝහලට පරිත්‍යාග කිරිම සිදු කෙරුණි .
ලංකා විදුලි බල මණ්ඩලයේ උතුරු මැද පළාත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ශෙලි කුමාර මහතාගේ උපදෙස් පරිදි මින්නේරිය ප්‍රාදේශීය ඉංජිනේරු උදිත ප්‍රසාද් මහතාගේ සහ සුනේත් පද්මසිරි , කපිල රෝෂාන් , නිමල් කරුණාරත්න යන නිලධාරින්ගේ මුල්‍ය දායකත්වයෙන් සහ එහි කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන් වැලිකන්ද විශේෂිත ප්‍රතිකාර ඒකකය වෙත මෙම විෂබීජජිවානුහරණ කුටිය පරිත්‍යාග කළේය.
එම රෝහලේ කාර්යභාර නිලධාරි වෛද්‍ය දුමින්ද ඉන්ද්රකාන්ත මහතා විසින් විෂබීජ ජිවානුහරණ කුටිය භාර දුණි.
රෝහලට ඇතුළු වෙන රෝගින්ගේ සහ කාර්ය මණ්ඩලයේ විෂබිජහරණය කිරිමට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන ලෙස මෙය නිපදවා තිබේ . මෙම විෂබිජහරණය කුටිය සදහා වැය වු පිරිවැය විදුලිබල මණ්ඩලයේ නිලධාරින්ගේ පුද්ගලික මුදල් වැයකල අතර එහි නිර්මාණය කටයුතු කර ඇත්තේ හිඟුරක්ගොඩ ෂෙල්ටන් විරක්කොඩි මහතා විසිනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

