චීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත් ආපසුදීමට අල්ලස් ඉල්ලූ බව පැවසෙන වැලිකඩ පොලිස් ස්ථානාධීපති අත්තඩංගුවට ගැනීමෙන් අනතුරුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කර තිබුනා. එහිදී ඔහු ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහෙස්ත්‍රාත් විසින් නියෝග කරනු ලැබීය.
අන්තර්ජාල ජාවරමට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර නිදහස් කිරිම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලු බව කියන, වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ (27) දිනයේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ( I J )