මහියංගනය සිට හැටන් දක්වා වැලි ප්රවාහනය කරමින් තිබු ටිපර් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගය හරහා පෙරළීමෙන් ටිපර් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති බව නානුඔය පොලිසිය පැවසිය.
මෙම අනතුර අද(19දා) උදෑසන හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්රදේශයේදිය.
වැලි කියුබ් 03 සහිතව අධික බැවුමක් සහිත එම මාර්ගයේ ටිපර් රථය ධාවනය කරමින් තිබියදි හදිසියේ ටිපර් රථයේ තිරිංග ක්රියාවිරහිත විම නිසා ටිපර් රථය රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ඇදි ගොස් ප්රධාන මාර්ගයේ එක් පසක පෙරළී ඇති බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.
නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ මිට ප්රථම අවස්තා කිහිපයකදි අනතුර ගණනාවක් සිදු වි ඇති බවත්, එම මාර්ගයේ බර වාහන ධාවනය තහනම් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවස්ථා කිහිපයකදි ඉල්ලා ඇති බව නානුඔය පොලිසියේ නිලධාරියෙකු පැවසීය.



