දඹුල්ල ත්රිකුණාමලය ප්රධාන මාර්ගයේ දඹුල්ල නගර මධ්යේදී 21දා පස්වරුවේ වැලි ප්රවාහනය කරමින් තිබු ටිපර් රථයක හැපිපෙන් ඉංග්රීසි ගුරුවරයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
හබරණ දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇති බවත් එකවරම පාර මාරු වෙන්නට යද්දී ටිපර් රථයේ පිටුපස රෝදයේ හැපීමෙන් අනතුර සිදුව ඇතිබව මුලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා පැවසිය.
අනතුරෙන් මියගොස් ඇත්තේ දඹුල්ල සණස මාවතේ පදිංචි වයස අවුරුදු 56ක පාසැල් ගුරුවරයෙක් වන ඒ.එම් සරත් ජයන්ත රුවන් බණ්ඩාර යන දෙදරු පියෙක් වන අතර ඔහු දඹුල්ල ප්රාථමික විදුහලේ සේවය කරමින් සිට ඇත .
වැලි ප්රවාහනය කරමින් තිබු ටිපර් රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන ඇත ,මරණය පිළිබධව පච්චාත් මරණ පරීක්ෂණය 22 දින පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මෘත දේහය දඹුල්ල මුලික රෝහලේ තැන්පත් කොට ඇත.
