කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ කල්මඩු කුලම් ප්රදේශයේදී බලපත්ර නොමැතිව නීතිවිරෝධීව වැලි ජාවාරමේ නිරත සැකකරුවන් 12 දෙනෙකු ට්රැක්ටර් 5 ක් සමගින් ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය පවසයි.
කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් විශ්වමඩු 6 වන සිංහ රෙජිමේන්තු නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව යුදහමුදා නිලධාරීන් සහ ධර්මපුරම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කල්මඩු කුලම් ප්රදේශයේදී සෝදිසි වැටලීමක් සිදු කරනු ලැබීය.
එහිදී වැලි ගොඩදැමීමට හෝ වැලි ප්රවාහනය කිරීමට කිිසිදු බලපත්රයක් නොමැතිව වැලි ගොඩදමා ට්රැක්ටර්වලට පටවා ප්රවාහනය කිරීමට සූදානම් කොට තිබූ ට්රැක්ටර් 5 ක් සමග එහි සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ධර්මපුරම් පොලිස් වසමේ පදිංචි කරුවන් වන අතර ඔවුන් සහ ට්රැක්ටර් පොලීසියට රැගෙනවිත් කිලිනොච්චිය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවටද පරික්ෂණ සිදුකරන ධර්මපුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.