වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්ර දේශයේදී අද අලුයම ලැගුම්හලකදී වෙඩි තැබීමක් සිදුව ඇති බවට වැල්ලම්පිටිය පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමෙන් ජීවිත හානියක් හෝ තුවාල වීමක් සිදුව නොමැත.
ලැගුම්හලේ නවාතැන්ගෙන සිටි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. සැකකරුවන් යතුරු පැදියකින් පැමිණි ඇති අතර වෙඩි තැබීම ඳසහා පිස්තෝල අවියක් භාවිත කර තිබේ.