2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව හෙට (01) අදාළ ප්‍රතිලාභීන්ගේ ‘අස්වැසුම’ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව ප්‍රතිලාභීන්ට හෙට දින සිට තමන්ගේ අස්වැසුම බැංකු ගිණුම් ඔස්සේ මෙම දීමනා ලබාගැනීමේ පහසුකම සැලසේ.
මෙම ගෙවීම් යටතේ අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියර සඳහා අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 3,083.755ක මුදලක් වෙන් කර ඇත. එමෙන්ම එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකු සඳහා රුපියල් මිලියන 395.315ක මුදලක් වෙන් කර තිබේ.
ඒ අනුව අදියර දෙකම ආවරණය වන පරිදි සමස්ත වැඩිහිටියන් 695,818 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 3,479.07ක (රුපියල් බිලියන 3.47කට වැඩි) මුදලක් රජය විසින් මෙලෙස ගෙවීමට කටයුතු යොදා ඇත