අද (22) අළුයම 04 න් අවසන්වූ පැය 7ක කාලය තුල වැඩිම වර්ෂාපතනය ගම්පහ කිරිඳිවැලින් වාර්ථා වනවා. එම අගය මිලිමීටර් 244කි. එමෙන්ම එහි දෙවැනි අගය ලෙස වාර්ථාවන්නේ මිලිමීටර් 238කි. ඒ් ගම්පහ වේයන්ගොඩ ප්රදේශයෙනි. මිලිමීටර් 230 වර්ෂාපතනය කොළඹ දිස්ත්රික්කයේ අවිස්සාවේල්ල ප්රදේශයෙන් වාර්ථාවී ඇති අතර එය තෙවන වැඩිම වර්ශාපතනය ලෙස සටහන් වෙයි.
මෙම තත්වය මත අත්තනගලු ඔය ආශ්රිත පහත් බිම් තුල සුළු ගංවතුර තත්වයක් අද පෙරවරු 10.00 පමණ වනවිට දක්නට ඇතිබව වාර්ථා වනවා. මීරිගම, වේයන්ගොඩ , කිරිදීවැල , දොම්පේ , පූගොඩ ආශ්රිත ප්රදේශතුල මෙම තත්වය දක්නට ඇතිබව වැඩිදුරටත් වාර්ථා වනවා.
ඉන්දුමූර්ති ජයසූරිය