වැඩිම රිලා ගහණයක් ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ බව පසුගිය කාලයේ කළ සංගණනයෙන් තහවුරු වූ බවත්
ඉන් අනතුරුව කෑගල්ල, කුරුණෑගල හා අනුරාධපුර නගර පවතින බවත් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවැසීය.
"අපේ රටේ වනජීවී කළමනාකරණය කියලා මාතෘකාවක නෑ. වනජීවී කළමනාකරණය කරන්න නම් වනජිව් ගැන සංඛ්‍යාවක් තියෙන්න ඕන. ඒ සංගනණය තමයි අපි කළේ. රිලා ප්‍රශ්ණය ගත්තොත් මහනුවර දිස්ත්‍රික්කයේ තමයි වැඩිම රිලා ගණනයක් ඉන්නේ කියලා ඒ සංගණනයන් තහවුරු වුණේ. මහනුවර, කෑගල්ල, කුරුණෑගල අනුරාධපුර කියලා තමයි දත්තයක් ආවේ.
මේ සංගණනය නිසා තමයි එහෙම දත්තයක් ආවේ. මේ සම්බන්ධයෙන් ජනපති ලේකම් කාර්යාලයේ වැඩසටනහක් ක්‍රියාත්මක වෙමින් යනවා. ප්‍රථිඵල එන්නේ යම් කාලයක් සමගයි."