අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීමට නියමිත 2022.10.08 දින සිට 2022.10.13 දින දක්වා වන කාලසීමාව තුළ එම ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ඊයේ (06) හිමි විය.
එමෙන්ම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික තනතුරක් සඳහා පවතින පුරප්පාඩුව සඳහා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පී.ජේ.කේ. එස්.ඩබ්ලිව් වික්‍රමසිංහ මහතා පත්කිරීමට පාර්ලිමේන්තු සභාව විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරන ලදී.
කථානායක ග මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරු සහභාගී වූහ.