කොන්ත්‍රාත් සඳහා ඍජු සම්බන්ධතාවක් නොදැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් කාර්යාලවල ඉංජිනේරුවරුන් හා කාර්මික නිලධාරීන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට වෑන් කැබ් හා මෝටර් රථ කුලියට ලබා ගැනීම වෙනුවෙන් 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 23.6 ක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරියෙකු 22/5 කරන ලද විමසිමක දී ප්‍රකාශ කර තිබේ.
ප්‍රවාහන පහසුකම් සලසා දීමේ දී කොන්ත්‍රත්තුවට ඍජුවම සම්බන්ධ වන ඉංජිනේරුවරයාට පමණක් ප්‍රවාහන පහසුකම් සලසා දිය යුතුබවට අනුමැතිය ලබා දී තිබුණි.
එහෙත් ඊට අනුකූල නොවී කොන්ත්‍රාත් සඳහා ඍජු සම්බන්ධතාවයක් නොදැක්වූ ඉංජිනේරුවරුන් හා කාර්මික නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් මෙකී රථ කුලියට ලබා ගෙන තිබූ බව ද විගණනය මඟින් අනාවරණය කර ඇත.
මේ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ කළමණාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරුවරුන් මෙන් ම තාක්ෂණික හා කාර්මික නිලධාරීන්ගේ ද ඍජු සේවා අවශ්‍යතාවයක් පැවති බවය.
එමෙන් මඑකවර විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බැවින් හා කෝවිඞ් වසංගත තත්ත්වය පැවති කාලයේ දී සේවක මහත්ම මහත්මින්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ප්‍රසම්පාදන කමිටු තීරණවලට අනුව මෙම කටයුතු සිදු කර ඇති බවයි.
චන්දන සමරවික්‍රම