ආණ්ඩුවට එරෙහිව දීපව්‍යාප්ත වැඩවර්ජනයට සහය දෙමින් අද (28දා) දින උතුරු පළාතේද දෛනික සියලුම කටයුතු අඩාල වී ඇති අයුරු දක්නට ලැබුණි.
උතුරේ රාජ්‍ය හා අර්ධරාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනද සියල්ලක්ම දෛනික කටයුතු අඩාල වී ඇත්තේ බහුතරය වූ සේවකයින් සේවයට වාර් තා කර නොතිබීම හේතුවෙනි.
එමෙන්ම උතුරේ සියලුම පාසල්හිදී දෛනික අධ්‍යාපනික කටයුතු සිදු නොවූවේ ආචාර්යවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ද සේවයට වාර්තා කොට නොතිබූ අතරම පාසල් සිසු දරුවන්ද නොපැමිණීමෙනි.
තවද ගමනාගමන කටයුතුද අඩාල වී තිබූ අයුරු දැකගත හැකි වූ අතරම පිටපළාත් පෞද්ගලික බස් කිහිපයක් පමණක් ධාවනයට එක්ව තිබණි.
මේ අතර උතුරේ දිස්ත්‍රීක්ක පහේම පිහිටි වෙළඳසැල් සියල්ලක්ම පාහේ වසා දමමින් දීපව්යාපත් වැඩවර්ජනයට සහය දැක්වීය.