වැඩ නැවතුන ඉමදූව ශ්රවණාගාරයට නැවතත් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කරගෙන
ගාල්ල නුගදුව ප්‍රදේශයේ ඉදිකිරිමට සැලසුම්කොට තිබු ආසන දෙදහසකින් යුත් ශ්‍රවනාගාරය ඉදිකිරිමේ ව්‍යාපෘතියේ කටයුතු අතරමග නවතා දමා තිබුණද ඒ සදහා තවදුරටත් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන්කරගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
පසුගිය යහපාලන කාලයේ දි (2019) මෙකි ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු ආරම්භකොට තිබුණි. මෙකි ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු තාවකාලිකව නතර කිරිම සදහා අමාත්‍ය මණ්ඩල තිරණය ලැබි තිබියදි මේ සදහා 2024 වර්ෂය තුලදිත් රුපියල් මිලියන 500 ක මුදලක් වෙන්කරගෙන ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. මෙකි ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 3,154.88කි. මෙහි ඒවනවිට ඉදිකොට ඇති ඉදිකිරිම් වෙනුවෙන් ව්‍යාපෘති උපදේශක විසින් නිර්දේශිත මුළු බිල්පත් වටිනාකම රුපියල් මිලියන 966.72කි. ඒවනවිට ඉදිකිරිම්වල භෞතික ප්‍රගතිය සියයට 15ක තරම් අඩු මට්ටමක පැවතියද නිමකළ වැඩසදහා රුපියල් මිලියන 195.14ක මුදලක් කොන්ත්‍රාත් සමාගම වෙත ගෙවා තිබුණි.
නිමකල වැඩ සදහා මුදල් ගෙවිමේ දි කොන්ත්‍රාත්කරුට ලබාදි තිබු රුපියල් මිලියන 335.09ක අත්තිකාරම් මුදල් ආපසු අයකරගැනිමට ද කටයුතුකර නොතිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත. කොන්ත්‍රාත්කරුවෙත ගෙවනු ලැබු අත්තිකාරම් මුදල් ආපසු අයකර ගැනිමටත් මෙතෙක් සිදුකොට ඇති ඉදිකිරිම් සම්බන්දයෙන් සුදුසුකම් ලත් පාර්ශවයක් වෙතින් විධිමත් පරික්ෂාවක් සිදුකර ගෙවිම් සම්බන්ද තිරණයක් ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
කෙසේවුවද මේ පිළිබද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන්කොට ඇත්තේ 2024 වර්ෂය තුල රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන්කරදි ඇත්තේ බිල්පත් පියවිම සදහා බවය. ව්‍යාපෘතිය නතරකිරිම සම්බන්දයෙන් ව්‍යාපෘති උපදේශකගේ නිරික්ෂණ ඇතුලත් අවසන් පිළිතුර ඉදිරිපත් කළ පසු මෙම අත්තිකාරම් මුදල් අයකරගැනිමට හැකිවන බව ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන්කොට ඇත. ව්‍යාපෘතියේ ඉදිකිරිම් නතරකොට ඇති බැවින් අවසන් බිල්පත් ඉදිරිපත්කරණ ලෙස ව්‍යාපෘති උපදේශක වෙත දන්වා ඇතත් මේ දක්වා එම බිල්පත ඉදිරිපත්කොට නොමැති බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
මේවනවිට මෙකි ව්‍යාපෘතියේ ඉදිකිරිම් අතරමග නවතාදමා වසර පහකට වැඩිකාලයක් ගතවි ඇත. ඉදිකිරිම් රූස්ස ගස් වලින් වැසිගොස් ඇති අතර එහි නොයෙකුත් සමාජවිරෝධි කටයුතු සිදුවන බැව් ප්‍ර දේශවාසින් පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
