වැටුප් සහ වරප්‍රසාද ලබා ගන්න පාර්ලිමේන්තුව කැඳවීමට බලකරනවා
වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා (04) දින නාවලපිටිය ඔහුගේ නිවසේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් මේ බව පැවැසීය.
පාර්ලිමේන්තුව යළි කැඳවීම තුළින් විශාල මුදලක් වැය වන බවත්, රටේ ජනතාව පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලිම් නොකරන බවත්, රටේ ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැළැක්විමට අවශ්‍යය පියවර ගන්නා ලෙසත් ජනතාවට සහන ලබාදෙන ලෙස බවත් ඔහු පැවැසීය.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමට රජය ගෙන යන වැඩපිළිවෙලට රටේ ජනතාවගේ ප්‍රසාද ලැබි ඇති බවත්, ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රජය කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැළැක්විමට මේ වන විට දැඩි පියවර ගනිමින් සිටින බවත්, එම අභියෝගයට රජය මුහුණ දිමට සුදානම් බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Oshan Saturday, 04 April 2020 01:57 PM
Me aya kohomath rataneththatama nethi karala yanne.apu dawase idan ratata hena gahala wage.
Reply : 0 0
BDS wijewardana Sunday, 05 April 2020 05:26 AM
මේ අය කැදවලා කුඹුරකට දැම්මානම් ආහාර හිගය මගහරින්න කුඹුරැ මඩවන්න තිබුණා. අපරාෙද් මේ අයගෙන් මේ වෙලාවේ එකක්වත් කර ගත්තානම් එයාලා ගත්තු වැටුප් දිමනා වරප්‍රසාද වලට හිලව් වෙන්න තිබුණා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

