වැඩ වර්ජනය සහ උද්ගෝෂණය නොකරමින් ඉතිහාසයේ වතු කම්කරුවන් වැටුපක් ලබා ගත් පළමු අවස්ථාව මෙය බව වතු කම්කරුවන් කියා සිටියි.වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2026 ජනවාරි මස සිට රු.1750 දක්වා වැඩි කිරිමට ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා (07) දින අයවැයේදි යොජනා කිරිම සතුටට කරුණක් බව වතුකරයේ ජනතාව කියා සිටියි.
මෙතෙක් කල් වතුකරයේ ජනතාව උද්ගෝෂණය කරමින් වැඩ වර්ජනය කරමින් රු.50 -100 වැනි සොච්චම් පඩි වැඩි කිරිමක් කල බවත්, වත්මන් ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවට ලබා දුන් පොරොන්දුව එලෙසම ඉටු කරමින් වතු සමාගමෙන් රු.200ක්ද රජයෙන් දිරි දීමනා වශයෙන් රු.200 ක් ඇතුලු රු.1750ක වැටුපක් ලබා දිම සම්බන්ධයෙන් රජයට සිය ස්තූතිය පුද කරන බවයි ජනතාව කියා සිටියේ.