එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් එසේම මේ වනවිට ක්‍රියාත්මක සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය එළඹෙන ජනවාරි 01 වැනිදා සිට අහෝසි කිරීමටත් රජය තීරණය කර තිබේ.
ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාල විධාන සංශෝධනය කිරීමට අවශ්‍ය කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මන්ඩල අනුමැතිය ලැබී ඇත.
මේ වනවිට පවතින එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් යළි තාර්කීකරණය කිරීම මගින් ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% කින් පමණ බදු ආදායම ඉහළ නැංවීමට හැකියාව ඇති බවට රජය විශ්වාස කරයි.
ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය සහ කෘෂිකර්මය යනාදී ක්ෂේත්‍ර සඳහා වන නිදහස් කිරීම් මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් මත පීඩනය ලිහිල් කර ආර්ථිකයේ ප්‍රධාන අංශ ආරක්ෂා කරනු ලබන නිදහස් කිරීම් තවදුරටත් රඳවා ගනිමින් එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සඳහා වඩා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කර ඇත.