වාහන සඳහා විශේෂ අංකයක් ලබා ගැනීමේ නියෝගවලට අනුමැතිය
මෝටර් වාහන සඳහා දැනට නිකුත් කරන අංක වලින් අංක 100000 ක් ඉදිරියට විශේෂ අංකයක් මුදල් ගෙවා ලබාගැනීමට අදාළව අංක 2470/14 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ 2026 ජනවාරි 05 දින පළ කරන ලද (203 වන අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.
මෝටර් වාහන සඳහා නිකුත් කරන අංක වලින් අංක 100000 ක් ඉදිරියට විශේෂ අංකයක් වෙන් කිරීමේදී එක් අංකයක් සඳහා රු. 1,000,000ක ගාස්තුවක් අය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මේ අනුව අවසරය හිමි වේ. මෙසේ විශේෂ අංක තහඩු නිකුත් කිරීම මගින් 2023, 2024 සහ 2025 වර්ෂවල රු. 319,000,000ක පමණ ආදායමක් උත්පාදනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ලැබි ඇත. මෝටර් සයිකල්, මෝටර් ට්රයිසිකල් සහ මෝටර් ට්රයිසිකල් වෑන් රථ හැර වෙනත් සියලුම මෝටර් වාහන සඳහා මේ අනුව මුදල් ගෙවා විශේෂ අංක ලබා ගැනීමට අවසර හිමි වනු ඇත.
මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් 2026.04.21 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, නිමල් පලිහේන සහ විජේසිරි බස්නායක යන මහත්වරු මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
