වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කල හැක්කේ වැව් රක්ෂිත ප්‍රදේශවල ඉදි කිරීම් සිදු කරන්නන් හට පොලිසියේ පැමිණිලි කිරීම පමණක් බවත් වාරිමාර්ග නිලධාරින්, ආයුධ අතැති පිරිසක් නොවන බැවින් රක්ෂිත ප්‍රදේශ අල්ලන පුද්ගලයන් සමග ගැටුම් ඇතිකර ගැනීමට නොහැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂක ජෙනරාල් අජිත් ගුණසේකර මහතා පැවසීය.
ෙඒ මහතා මේ බව කියා සිටියේ වැව් රක්ෂිත ප්‍රදේශ සීමා මායිම් ලකුණු කිරීමේ ප්‍රථම අදියර වන අනුරාධපුර නුවර වැව් රක්ෂිත ප්‍රදේශ ලකුණු කිරීමේ අවස්ථාවට ඊයේ (19දා) එක්වෙමින් මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්ය.
අනුරාධපුර නුවර වැවට අත්ව ඇති ඉරණමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන මෙන්ම සියලු රජයන්ද වගකිව යුතු බව ඒ මහතා සඳහන් කළේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන්නේ සීමිත නිලධාරීන් පිරිසක් සමග බවත් දේශපාලන බලපෑම් මත නිලධාරින්ද රටේ පවතින නීතිය නොසලකා හැර සිදුකල ක්‍රියාවන් සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට තනි වගකීම භාර ගැනීමට නොහැකි බවත්, රටේ පවතින නීතිය අනුව රක්ෂිත ප්‍රදේශවලට ඇතුල්වන පුද්ගලයන් ඉවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවද අවදානමක් නොගන්නා බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය.
දේශපාලන වාසියකින් තොරව වත්මන් රජය විසින් වර්තමානයේ ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සහාය දැක්වීමට කටයුතු කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන්ගේ පවතින හිඟකම හා ආයතනය තුළ නීති නිලධාරින් නොමැතිකම හේතුවෙන් රක්ෂිත ප්‍රදේශ අල්ලා ගන්නා පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් පවතින බව ඒ මහතා අවධාරණය කළේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ වාරිමාර්ග නිලධාරීන් මෙන්ම රක්ෂිතවලට බලපත්‍ර ලබා දීමට කටයුතු කළ සියලුම නිලධාරින් වගකිව මීට යුතු බවය.
නිවන්තකචේතිය රජමහා විහාරාධිපති හා නුවරවැව ගොවි සංවිධානයේ සභාපති පූජ්‍ය රත්ගම සමිත හිමියන් ද මෙහිදී අනුශාසනාවක් සිදු කරමින් මෙම වැවේ රක්ෂිත ප්‍රදේශවලට ඇතුළු වී ඇත්තේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවට රටේ බලවත් හා ධනවත් දේශපාලනඥයන් ඇතුළු පිරිසක් බව පැවසූහ.