වාද්දුව සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී  පීසීආර් පරීක්ෂණයට භාජනය කළ පුද්ගලයන් පිරිසෙන්  දෙදෙනෙකුට  කොරෝනා රෝග  ලක්ෂණ තිබෙන  බවට වෛද්‍ය වාර්තා මගින්  අද ( 17)  තහවුරු වූ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ්  සම්බන්ධීකාරක කළුතර මහ රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ  මහතා පැවසීය.
එලෙස කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලැබුවේ වයස අවුරුදු 38 ක පිරිමි පුද්ගලයෙක් හා වයස අවුරුදු 73 ක කාන්තාවකට බව වෛද්‍යවරයා කීය.
එම දෙදෙනා ඇතුළු පුද්ගලයන් හැත්තෑ පස් දෙනකු ඉකුත් 6 වැනිදා යුරෝපීය රටවල සිට මෙරටට පැමිණ වාද්දුව වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකට  මුදල් ගෙවා නිරෝධනයට  ලක්වෙමින් සිටිය බව වෛද්‍යවරයා පැවසීය .
එම පිරිස ඊයේ ( 16)  දින පීසීආර් පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව එම ජෛව පටල සාම්පල්  ගාල්ල කරාපිටිය රෝහලේ දී පරීක්ෂණයට භාජනය කෙරිණි.
 බිමල් ෂ්‍යාමන් ජයසිංහ 
