සෙන්ට්‍රල් ප්ලාසා ගොඩනැගිල්ලේ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ආයතනයක් වැටලූ විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශය එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී වයස අවුරුදු 16ක දැරියක් සේවයේ යොදවා සිටි අතර, මරදාන පොලිසියේ කාන්තා හා ළමා අංශයේ නිළධාරිනියන් එම ස්ථානයට කැඳවා මෙම දැරිය පොලිසියට භාරදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් කටයුතු කර තිබේ.
මෙම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 50ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද ග්‍රාම නිළධාරි සහතික, දිවුරුම් ප්‍රකාශන ඇතුළුව කූට ලේඛන රැසක්ද සොයාගෙන තිබේ.
අදාළ සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හරින ලද අතර, මාර්තු 25 දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදී. මෙහි ප්‍රධාන සැකකරු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.