ව්‍යාජ බලපත්‍රයකින් ප්‍රංශයට යෑමට තැත් කළ ඉරාක ජාතිකයෙකු අත්අඩංගුවට
අන්සතු ගුවන් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වී ප්‍රංශය වෙත පැන යාමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු ඊයේ (6දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.
මොහු 26 හැවිරිදි ඉරාක ජාතික , උසස් අධ්‍යාපනය හදාරන සිසුවෙකි .
මොහු ඊයේ (6දා) රාත්‍රී 07.30 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 731 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අනතුරුව සිය වීසා බලපත්‍රය සදහා අනුමැතිය ලබා ගැනීමට ආගමන කවුළුව වෙත පැමිණ , මොහු තමා සතු ප්‍රංශ ජාතික ගුවන් ගමන් බලපත්‍රය , එහි රාජකාරී සිදු කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
එම ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කළ එම නිලධාරීවරයා , එහි ජීව දත්ත ඇති පිටුවෙහි තොරතුරු පිළිබඳව සැක මතු වීමෙන් පසුව , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
එහිදී එම නිලධාරීන් විසින් සිදු කළ තාක්ෂණික පරීක්ෂණ වලදී , මෙම ගුවන් ගමන් බලපත්‍රය , මෙම තරුණයාට අයත් එකක් නොවන බවට තහවුරු වී තිබේ .
ඒ සම්බන්ධයෙන් මෙම තරුණයාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ අතර , ඔහු රැගෙන විත් තිබූ ගමන් මලු ද පරීක්ෂාවට ලක් කිරීමට එම නිලධාරීන් පියවර ගෙන තිබුණි .
එහිදී එම ගමන් මල්ලක ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ මෙම ඉරාක ජාතික තරුණයාගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය සොයා ගැනීමට මෙම නිලධාරීන්ට හැකි වී තිබුණි .
එසේ සොයා ගත් ගුවන් ගමන් බලපත්‍රය ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය බව එම තරුණයා විසින් පිළි ගත් අතර , තමා ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය වෙත පැන යාම තම අපේක්ෂාව වූ බව ද අනාවරණය කර තිබුණි .
ඔහුගේ රුවට සමාන රුවක් සහිත මෙම ව්‍යාජ අන්සතු ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රය , තැරැව්කරුවෙකු මගින් තුර්කියේ දී ලබා ගත් බවත් , එහෙත් තමන් තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා , තම ඉරාක ගුවන් ගමන් බලපත්‍රය යොදා ගත් බවත් ප්‍රකාශ කර තිබුණි .
අනතුරුව මෙම ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳ විමර්ශන කටයුතු අවසන් කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , මෙතෙක් තම අත් අඩංගුවේ සිටි මෙම තරුණයා , ඔහු පැමිණි තුර්කියේ ඉස්තාන්බුල් නුවර ගුවන් තොටුපළ වෙත ආපසු පිටුවහල් කිරීම සදහා , තුර්කි ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

popular news
-
Hasitha Wickramarathna Thursday, 07 April 2022 02:00 PM
Weldone Immigration
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

