ඉතා සූක්ෂම ආකාරයෙන් නවීන මොටර් රථ සදහා මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරනු ලබන අංක තහඩු වලට සමාන ලෙස සකසන ව්‍යාජ අංක තහඩු වාහන වලට සවි කිරීමේ ස්ථානයක් වැටලීමට පොලිස් විශේෂකාර්ය බලකායට හැකි වුණා.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී වැටලීම සිදු කළා.
එහිදී වයස අවුරුදු 36 හා 39 ක පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.