ව්‍යවස්ථාදායකය හා අධිකරණය නොතකමින් විධායකය කටයුතු කරනවා - SJB
කොරෝනා වසංගතයට මුවාවී ව්‍යවස්ථාදායකය අධිකරණය නොසලකා හරිමින් විධායකය වෙනත් අරමුණකින් ක්‍රියා කරන බව ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමට යොමු කළ ලිපියෙන් පැහැදිලි වන බව සමගි ජන බල වේගය පවසයි.
සමගි ජනබලවේගය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, එම ලිපියෙහි යටි පෙළ අරුත විමසන විට පැහැදිලි වන්නේ මෙම ගැටලුව විසඳා ගැනීමට ඇති හොඳම ක්‍රමය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන බවත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළ පරිදි මෙරට පෙර නොවූ තත්ත්වයක් ඇති වී ඇති බැවින් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම වැදගත් බවයි.
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුව කුමන හෝ මිලක් ගෙවා මැතිවරණයක් පවත්වා තුනෙන් දෙකක බලය ලබා ගැනීමේ සිහිනය තවදුරටත් සිටින බවත්, මැතිවරණ කොමිසමෙන් මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබාගත හැකි අනෙක් ක්‍රමය ලෙස පාර්ලිමේන්තුව රැස් කිරීම කළ යුතු බව පැවසුව ද ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව එයට ද සූදානම් නොමැති බැවින් කඩින් කඩ මැතිවරණ පැවැත්වීමේ අදහසක් කරළියට ගෙන එමින් ආණ්ඩුවේ පාර්ශවයන් උත්සහ දරනුයේ ඒ සිය දේශපාලනික අරමුණ කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමට බවත් සමගි ජනබලවේගය සඳහන් කරයි.
ව්‍යවස්ථාව තමන්ට ගැලපෙන පරිදි අර්ථ නිරූපණය කරමින් කරනු ලබන ක්‍රියාවලිය මග සලසන්නේ ඒකාධිපති පාලනයකට බවත්, අනුමත කළ අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වුවද මුදල් වියදම් කිරීමට ජනාධිපතිට බලය ඇතැයි කරන ප්‍රකාශය ද ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් සමගි ජනබලවේගය කියා සිටියි.
රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් දේශපාලන පක්ෂයක ජාතික සංවිධායක යකුට පවරමින් කොරෝනා වසංගතයට මුහුණ දීම ද එවැනිම දේශපාලන ක්‍රියාවලියක් බව ද සමගි ජනබලවේගය පවසයි.
අදාළ අමාත්‍යාංශවල ලේකම්වරු හෝ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව යන ආයතන නිශ්ක්‍රීය කොට සියල්ල ජනාධිපති කාර්යාලය මගින් පමණක් සිදු කරවා ගැනීමේ යටි අරමුණ අතිශයින් ම ප්රජාතන්ත්රවාදයට අහිතකර බවත්, රටේ පැවති යහපත් දේශපාලනය සුරක්ෂිත කොට වර්ධනය කිරීමට අවබෝධයෙන් යුතුව සියලු දෙනා එකට එක් විය බවත් සඳහන් වේ. මෙය කොරෝනාව තුළ කරන දේශපාලනයක් නොව කොරෝනාව ඒකාධිපති දේශපාලනයට භාවිත කිරීමට එරෙහි වීමක් බව ද එම පක්ෂය සඳහන් කරයි.
popular news
-
Lelwala Saturday, 11 April 2020 05:41 PM
People are very lucky abolished the previous government. Otherwise we can see everywhere dead people just like cemetery. President , cabinet ministers health staff, medical doctors,police officers , military ,government secretary ,government officers and graama Niladari are doing excellent job to control and prevent the covid 19.it is better without parliament .people are not asking to call parliament.
Reply : 0 0
Devinda Uduwara Saturday, 11 April 2020 05:56 PM
The country is going towards a dictatorship, it seems.
Reply : 0 0
Devinda Uduwara Saturday, 11 April 2020 10:32 PM
Dangerous steps taken.
Reply : 0 0
BDS Wijewardana Sunday, 12 April 2020 03:47 AM
සමගි ජන බල ෙව්ගයට කාලා ඉන්න බැහැ. වැෙඩ් සුමටව ගලා යනවා ෙම්ක අල කරන්න අනන්න අච්චාරු කරනෙන් ෙකාෙහාමද කියලා විකල්ප ක්‍රියා ෙහායනවා ( 2019 අෙප්‍ර්ල් පාස්කු ප්රහාරයවාෙග් කරගන්ෙන් ෙකාෙහාමද කියලා බලනවා වාෙග්) අෙන් පව්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

