ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් අද (21දා) කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද උදැසන අදාල කෙටුම්පත පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත විපක්ෂ නායක කාර්යාලයේ දී භාරදුන්නේය.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාල සංශෝධනය, 20වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි කරුණු රැසකින් එම කෙටුම්පත සමන්විතය.