2024දී මෙරට වහලය මත සවිකල සූර්ය පද්ධති හරහා ලබාගත් විදුලිබල ප්‍රමාණය මෙගාවොට් 867ක් වූ අතර එය 2025දී මෙගාවොට් 1674 දක්වා දෙගුණ කිරීමට ජාතික ජන බලවේග රජය කටයුතු කල බව බලශක්ති අමාත්‍යය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තවද සූර්ය බලශක්තිය උපරිම අයුරින් පද්ධතිය තුලට ලබාගැනීම සදහා ක්‍රියාකරන බවද එහි ඉතා වැදගත් පියවරක් ලෙස බැටරි බලශක්ති ගබඩාකරන පද්ධති (BESS) ඉදිකරන බවද ලබන වසර අවසන් වන විට මෙගාවොට් 560ක් බැටරි පද්ධතිය ඉදිකරන බවද මේ වසර දෙක තුල මෙගාවොට් 1200ක බැටරි පද්ධතිය ඉදිකරමින් විදුලිබල අවශ්‍යතාව උපරිම වන පස්වරු 06:00 සිට 10:00 දක්වා වන පැය 04ක කාලයට අවශ්‍යය වන විදුලිබලය ගබඩා කිරීමට කටයුතු කරන බව ද පැවසීය.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශකක්ති අමාත්‍යවරයා මේ කරුණු හෙළි කලේය.