මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම මෙම වර්ෂයේ (2025) මුල්මාස අට තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 2,030.2 දක්වා සියයට 12.5 කින් ඉහළගොස් ඇති බැව් ශ්රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
මෙම වර්ෂයේ මුල්මාස අට තුලදි තේ අපනයන ආදායම 2024 වර්ෂයේ මුල්මාස අටට සාපේක්ෂව 2025 වර්ෂයේ මුල්මාස අට තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 1,026 දක්වා සියයට 8.9කින්,පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 367.5 දක්වා සියයට 35කින්, කුළුබඩු අපනයන ආදයම ඩොලර් මිලියන 282.6 දක්වා සියයට 4.8කින් ඉහළ ගොස් ඇති බවද මහබැංකු වර්තාවේ සදහන් වේ.
කෙසේවුවද මෙම කාලසිමාව තුල මුහුදු ආහාර අපනයන ආදායම ඩොලර් මිලියන 161.9 දක්වා සියයට 1.6කින් පහත වැටි තිබුණි.
ජේ.කේ.එල්.චාමින්ද