පවතින වියලි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබි ඇති බවත් ඉදිරි දින කිපයද මෙලෙස වියළි කාලගුණ තත්වයක් පැවතුනොහොත් රටේ ලුණු අවශ්‍යතාවයෙන් බහුතරයක දායකත්වය පුත්තලමේ ලබා දිය හැකි මට්ටමක පවතින බව ලුණු නිෂ්පාදකයින් පවසයි.
මෙලෙස පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබෙමින් පවතින්නේ වසර පහකට පසු බවත් එය මේ වන විට මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්මවිය හැකි මට්ටමක පවතින බව ලුණු වගාකරුවන් පවසයි.
පසුගිය වසර ගනනාවක නොකඩවා ඇද හැළුන මහ වැසි සමග පුත්තලම ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන් නැවති ගොස් ලුණු ලේවායන් වැසි ජලයෙන් යටවි කර්මාන්තය අඩාල වි තිබු බව ලුණු නිෂ්පාදකයින් පවසයි.
ඒ හේතුව නිසාම රටේ ලණු අවශ්‍යතාවයට උවමනා ලුණු තොග ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ආනයනය කිරීමට රජය කටයුතු කර තිබුනේ ලුණු හිගයට පිළියම් ලෙසිනි.
ශ්‍රි ලංකාවේ සමස්ථ ලුණු අව්‍යශතාවය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසුදහසකට ආසන්න වෙයි.එය ආහාර හා අනිකුත් නිෂ්පාදන සදහා අවශ්‍ය ප්‍රමානය වෙති.
පුත්තලම හැරුණ විට එලිපන්ට්පාස් හා හම්බන්තොට ලුණු නිෂ්පාදනය ඉහල මට්ටමක පවති.
වසර ගනනාවකින් පසු සාර්ථක ලුණු අස්වැන්නක් ලැබිම වගා කරුවන් මෙලෙස අදහස් දක්වන්නට විය. එම්.යු .අෆ්රුෂ් මහතා මෙලෙස අදහස් දක්වන්නට විය.
“මේ පාර අපිට හොද ලුණු අස්වැන්නක් ලැබි තිබේනවා.ඒ අවුරුදු ගානකට පස්සේ.මේ මගේ ලුණු ඉඩම නොවේයි තාත්තාගේ ඉඩම හැබැයි පවුලේ එකතුවෙන් අපි මේ අස්වැන්න ගන්නවා.පසුගිය කාලයෙ මිල පහල වැටිලා තිබුනත් දැන් ආයේ කිලෝ 50 මිටියක් 2000 ත් 2300 ත් අතර මුදලකට යනවා යැයි ඔහු පවසන්නට විය.
එස්.එම්.රිස්වි මහතා මෙලෙස පවසන්නට විය .
ඇත්තමට මේ පාර අපිට කාලයකින් හොද අස්වැන්නක් ලැබිලා තිබේනවා .නමුත් ඉන්දියන් ලුණු අපිට හිස රදයක් වෙලා.අපි කියන්නේ අපිට ලංකාවට අව්‍යශ ලුණු හදන්න පුළුවන් ඉන්දියාවේ ගෙන්න එපා කියලා.මොකද අපේ ලුණු වල තියෙන රසය ඉන්දියන් ලුණු වල නැහැ යැයි ඔහු පවසන්නට විය.
පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සංගමයේ සභාපති රනිස් බදුර්දීන් මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“මේ වන විට අපේ සංගමයට අයිති බිම් ප්‍රමානයෙන් විතරක් මෙට්‍රික් ටොන් 50000 කට (පනස් දහකට වැඩි ප්‍රමානයක් ලැබිලා තියෙනවා)එය හොද අස්වැන්නක් තවත් දින කිපයක් අව්ව වැටුනොත් තවත් මෙට්‍රික් ටොන් 10000 කට වැඩි ප්‍රමානයක් ලබා ගන්න හැකියාව පවතිනවා යැයි ඔහු පවසන්නට විය.
ලුණු නිෂ්පාදකයකු හා ඇසුරුම් කර බේදා හැරිමේ නිරත ශ්‍රී ලංකවේ ප්‍රබල ලුණු ව්‍යාපාරිකයකු වන නිලුක් දිල්හාන් මහතා මෙලෙස පවසන්නට විය.
“ ඇත්තටම මේ පාර අවුරුදු ගානකින් හොද අස්වැන්නක් ලැබේමින් පවතිනවා.එය අපේ කර්මාන්තයට හොද සුභවාදි දෙයක් .නමුත් මම නිෂ්පාදකයකු හා ඇසුරුම් කරුවෙකු ලෙස ව්‍යාපාරය කරගෙන යද්දි දකින් දෙයක් තමා ලංකාවේ ලුණු අවශ්‍යතාවයට ලුණු සංචිත ඉහල නංවා ගැනිමට නම් අඩුම ගානේ තවත් අක්කර 5000 ක බිම් ප්‍රමානයක ලුණු වගාකල යුතුයි යන්න. මොකද එසේ නොමැතිව අපිට රටේ ලුණු අවශ්‍යතාවයට සපයා දෙන්න හැකියාවක් නැහැ යැයි පවසන්නට විය.



