මීට වසර 6 කට පමණ පෙර මින්නේරිය පොලීසියේ සේවය කළ පොලිස් සැරයන් වරයෙකුගේ රාජකාරි රිවෝල්වරය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම රිවෝල්වරය සමග සැකකරුවෙකු අද (01දා) අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් පැවසීය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව, ජයන්තිපුර, බැඳිවැව මැටලා නම් අන්වර්ථනාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.
2016.අප්‍රේල් මස 10 වන දින මින්නේරිය පොලිසියට අනුයුක්තව සේවක කළ පො.සැ.(47352)එච්.එච්. චන්ද්‍රසිරි මහතාගේ භාරයේ තිබී මෙම රිවෝල්වරය අතුරුදන් වී තිබුණි.
සැකකරු ට මෙම රිවෝල්වරය ලැබුණු ආකාරය පිළිබඳව වැඩි දුර විමර්ශන පොලොන්නරුව පොලිසිය විසින් සිදු කෙරේ.
