වසර 500ක නුග ගස රැකගැනීමට වු විරෝධය
මාතලේ නගරයේ නුග ගහ මුල බස් නැවතුම්පළ ඉදිරිපිට ඇති වසර 500ක් පමණ ඉපැරණි නුග ගස මාතලේ මහනගර සභාව විසින් කපා ඉවත් කිරිමට විරෝධය දක්වමින් එම නුග ගස ඉදිරිපිටදි විරෝධතාවක් අද දින පැවැත්වුණි.
මාතලේ නගර සභාව මගින් මෙම නුග ගස ඉවත් කිරිම ආරම්භ කර ඇති අතර එය වලැක්විම සඳහා මාතලේ මහනගර සභාවේ අවධානය යොමු කිරිම කෙරෙහි මෙම විරෝධතාව සංවිධානය කළ බව මාතලේ පරිසර හිතකාමි සංවිධානය සඳහන් කළේය.
මාතලේ - රවීන්ද්‍ර විරාජ්


popular news
-
Champa Wednesday, 19 December 2018 02:00 PM
මේකට comment එකක් ලියන්න පරක්කු වුන. මෙහෙම හිතුමතේ පැරණි ගස් කපන්න පුලුවන්ද? බෝ ගස්, නා ගස් සහ නුග ගස් බුද්ධාගම එක්ක හුඟක් සමීපයි. කාශ්‍යප බුදු හාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුනේ නුග ගහක් යට භාවනා කරමින්. අනිත් අතට මේ නුග ගහ අවුරුදු 500ක් පරණයි. ඒ වුනාට මොකොද රටේ පරිසර ඇමති ජනාධිපතිලු. ගස් වැල් සතුන්ගේ පටන් අපේ දේවල් රැක ගන්න අපි ඉස්සරහට එන්න ඕනේ. මේ ගහ රැක ගන්න මේ පරිසර සංවිධානය ගන්න උත්සාහයට රටේම ජනතාව එකතු වෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
