වසර 31ට පසු ජපාන පොලි අනුපාත ඉහළම අගයකට
ජපාන මහ බැංකුව සිය ප්‍රධාන පොලී අනුපාතය වසර 31ක ඉහළම අගය දක්වා ඉහළ නංවා ඇත. දශක ගණනාවක් පුරා පැවති අතිශය අඩු ණය ගැනීමේ පිරිවැය ක්‍රමයෙන් අත්හැර දැමීමටත්, රට මුහුණ දෙන ආර්ථික පීඩනයන් හමුවේත් මෙම පියවර ගෙන තිබේ.
බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදි, ජපාන මහ බැංකුව (BOJ) පසුගිය සිකුරාදා සිය පොලී අනුපාතය 1% සිට 1.25% දක්වා ඉහළ නැංවූ අතර, මෙය 1995 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි.
ඉරාන ගැටුම හේතුවෙන් ඉහළ ගිය බලශක්ති මිල ගණන් උද්ධමනය ඉහළ යාමට බලපා ඇති පසුබිමක, ලොව පුරා ප්‍රධාන මහ බැංකු සිය පොලී අනුපාත ඉහළ නංවමින් සිටින අවස්ථාවක මෙම පියවර ගෙන තිබේ.
බදාදා දිනයේදී ඇමරිකානු ෆෙඩරල් සංචිතය (US Federal Reserve) වසර තුනකට වැඩි කාලයකට පසු පළමු වරට සිය ප්‍රධාන පොලී අනුපාතය ඉහළ නැංවූ අතර, යුරෝපීය මහ බැංකුව ද මේ මස මුලදී සිය ණය ගැනීමේ පිරිවැය ඉහළ දැමීය.
ඍණ 0.1%ක මට්ටමක පැවති පොලී අනුපාතය 2024 වසරේ සිට ජපාන මහ බැංකුව විසින් ඉහළ නංවමින් පවතී. පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ඔවුන් එම අනුපාතය අවස්ථා හයකදී ඉහළ නංවා ඇත.
මහ බැංකුවක් පොලී අනුපාත ඉහළ නංවන විට, එමගින් වෙළඳුන් සඳහා ආකර්ෂණීය බවක් ඇති වන බැවින් සාමාන්‍යයෙන් රටේ මුදල් ඒකකයේ අගය ශක්තිමත් වේ.
ජපානය මේ වන විට අඛණ්ඩව දුර්වලව පවතින යෙන් (yen) මුදල් ඒකකය, ඉහළ යන මිල ගණන් සහ හැකිලෙන ශ්‍රම බලකාය ඇතුළු ආර්ථික අභියෝග කිහිපයකට මුහුණ දෙමින් සිටී.
අගෝස්තු මාසයේදී මූලික උද්ධමනය (core inflation) 1.7% දක්වා පහත වැටී ඇති අතර, එය පෙර මාසයේ 1.8%ක් ලෙස වාර්තා විය; කෙසේ වෙතත් එය තවමත් බැංකුවේ 2%ක ඉලක්කගත මට්ටමට ආසන්නව පවතී.
ජපානයේ උද්ධමන අනුපාතය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉහළ මට්ටමක නොපැවතියද, මිල ගණන් ඉහළ යාම එරට ආර්ථිකය තුළ සාපේක්ෂව නව තත්ත්වයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

