මෙරට විශ්වවිද්‍යාල සදහා පසුගිය වසර 11ක (2014-2024) කාලය තුලදි ඇතුලත් කරගනු ලැබු සිසුන් සංඛ්‍යාව 18,096කින් වැඩිවි ඇති බැව් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.
2014 වර්ෂයේ දි විශ්වවිද්‍යාල සදහා තෝරාගත් සිසුන් සංඛ්‍යාව 25,643කි එය විශ්ව විද්‍යාල ප්‍ර වේශය සදහා අවම සුදුසුකම් ලැබු සිසුන් සංඛ්‍යාවෙන් සියයට 17.1කි.2024 වර්ෂය වනවිට මෙරට විශ්වවිද්‍යාල සදහා සිසුන් 43,237ක් ඇතුළත් කරගෙන තිබු අතර එය විශ්ව විද්‍යාල ප්‍ර වේශය සදහා අවම සුදුසුකම් ලැබු සිසුන් සංඛ්‍යාවෙන් සියයට 25.2කි.
එහෙත් 2022/2023 වර්ෂයට සාපෙක්ෂව 2023/2024 වර්ෂයේ දි විශ්වවිද්‍යාල සදහා ඇතුළත් කරගනු ලැබු සිසුන් සංඛ්‍යාව 1.84කින් අඩුවි තිබුණි.2024 වර්ෂය තුල සමස්ත උපාධිධාරින්ගෙන් සියයට 71කට රැකියා හිමිවි තිබුණි.