පසුගිය වසර දහයේදී ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 27 161ක් බවත් ප්‍රවාහන විනය නැති වීම රටට අලාභයක් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
වසරකදී ශ්‍රී ලංකාවේ ලක්ෂයකට පහලොස් දෙනකු ආසන්න වශයෙන් රිය අනතුරුවලින් මිය යන බවත් තම ධුර කාලයේදී ප්‍රවාහන විනය ඇති කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට අද උදෑසන (19දා) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“සෑම වසරකම ලෝකයේ මිලියන 1.5ක් රිය අනතුරුවලින් මිය යනවා. මිලියන 30ත් 40ත් අතර ප්‍රමාණයක් රිය අනතුරුවලින් තුවාල ලබනවා. මෙයින් රිය අනතුරු මරණ ගත් විට එයින් සියයට අනූවක්ම මිය යන්නේ පහළ සහ මධ්‍යම ආදයම් සහිත රටවල මිනිස්සු. එමෙන්ම වැඩිම සංඛ්‍යාවක් මිය යන්නේ වයස 5ත් 29ත් අතර පසුව අය. ඒ වගේම සියයට 73කට වඩා පරිමි තරුණයින්.
ඒ කියන්නේ රටක ජීවනාලිය තමයි රිය අනතුරුවලින් රටකට අහිමි වෙන්නේ. රිය අනතුරු බරපතල ඛෙදවාචකයක් වන්නේ මේ නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව Road traffic death rate හෙවත් රිය අනතුරු දර්ශකය අනුව වාර්ෂිකව ලෝකයේ රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මිය යන රට වන්නේ ලිබියාව.
එහි අගය මිනිස්සු ලක්ෂයකට 35.9ක්. අඩුම අගය තියෙන්නේ සැන් මැරිනෝ රාජ්‍යයේ. එය බින්දුවක්. ලංකාවේ එම දර්ශකයේ අගය වන්නේ ලක්ෂයකට 14.9ක්. ඒ කියන්නේ රිය අනතුරු නැති අංශයෙන් සැන් මැරිනෝ රාජ්‍ය වගේ තත්ත්වයකට පත් වෙන්න තවත් රටවල් 79ක් පසුකර ඉදිරියට ඒම කළ යුතු වනවා. එය පහසු කටයුත්තක් නෙමෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වෙබ් අඩවියේ සංඛ්‍යා ලේඛන අනුව අසල්වැසි ඉන්දියාවේ වාර්ෂිකව රිය අනතුරුවලින් ලක්ෂයකට මිය යන සංඛ්‍යාව 22.6කි. වාර්ෂිකව ලක්ෂයකට හතරකට වඩා අඩුවෙන් මිය යන රටවල් වන්නේ පිළිවෙලින් ඩෙන්මාර්කය - 4, නෙදර්ලන්තය 3.8, එක්සත් රාජධානිය - 3.1, සිංගප්පූරුව 2.8, ස්වීඩන් 2.8, ස්විට්සර්ලන්තය 2.7, නෝර්වේ 2.7, මාලදිවයින 0.9, සැන් මැරිනෝ රාජ්‍ය - 0 ක් වශයෙනි.
ශ්‍රී ලංකාවේ පසුගිය වසර දහයේදී රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 27161 ක් වේ. 2018 වසරේදී මිය ගිය සංඛ්‍යාව 3113කි.