වසර 10කට පසුව ඉතාලි රජයේ ඉහළම නියෝජිතයෙක් ලංකාවට
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි, 2025 සැප්තැම්බර් 03 සිට 05 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත. මෙය දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන ඉහළම මට්ටමේ සංචාරය වේ.
ඇයගේ සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපෝඩි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සමඟ එක්ව ශ්‍රී ලංකා-ඉතාලි දේශපාලන උපදේශන සමාරම්භක සැසියේ සම-සභාපතිත්වය දරනු ඇත. එසේම, දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද මෙම සංචාරය අතරතුරදී නියමිත අතර, ඒ ඔස්සේ දෙරට අතර සංවාදය සඳහා ව්‍යුහගත රාමුවක් සපයනු ඇත. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1952 වසරේදී ස්ථාපිත කරන ලදී.
නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

