රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්රවෘත්ති අධ්යක්ෂවරයෙක් වූ වසන්තප්රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද (14දා) අලුයම ඔහු අභාවප්‍රාප්ත වී තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්රකාශනවල සංස්කාරක ධුරයන් හොබවා ඇති ඒ මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්යක්ෂවරයෙක් ලෙසද කටයුතු කළේය.
ඔහුගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර හෙට (15දා) අවසන් කටයතු සිදුකිරීමට නියමිතය.