වසන්ත මුදලිගේ ජීවිතය අනතුරේ
වසන්ත මුදලිගේ,ගල්වැව සිරිධම්ම හිමි,හශාන්ත ගුණතිලක යන පිරිස මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන තබා ඇති බවත්,ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදීම බවත් ඔවුන් යෙදුණු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කුමක්ද යන්න පවසන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වන විට වසන්ත මුදලිගේ ගේ ජීවිතය අවදානමක පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා බන්ධනාගාරයෙන් ඔහු රාත්‍රී කාලය තුළ විවිධ ස්ථානවලට රැගෙන යමින් සිටින බවට වාර්තා වන බව ද පැවසීය.
රටට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් යෝජනා වලට ආණ්ඩුව විසින්ම උත්තේජනය ලබාදෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ශිෂ්‍ය අරගල වලට ප්‍රහාර එල්ල කරන්නේ ඒ අරමුණින් දැයි ප්‍රශ්න කළේය. ත්රස්තවාදයට තමන් තරයේ විරුද්ධ බව පැවසූ විපක්ෂ නායකතුමා ත්රස්තවාදයේ නාමයෙන් අහිංසක පුද්ගලයින් සිරගත කිරීමට ද තමන් එකහෙළා විරුද්ධ බව පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

