දිවයින පුරා මේ වන විට පිහිටි සහ ඉදි වෙමින් පවතින රාජ්‍ය, පුද්ගලික ආයතන මෙන්ම පොදු මගී සේවාව විශේෂ අවශ්‍යතා සහිත තැනත්තන් උදෙසා ප්‍රවේශ පහසුකම් සහිත ස්ථාන ලෙස පත් කිරීමට අවශ්‍ය වන පරිදි නැවත ගැසට් පත්‍රිකාව සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින් ඉදිරියේදී මෙරට සිටින විශේෂ අවශ්‍යතා සහිත තැනත්තන් උදෙසා 80% ප්‍රවේශ පහසුකම් සපුරාලීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (29) සමෘද්ධි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවත් වූ විශේෂ අවශ්‍යතා සහිත තැනත්තන් උදෙසා වන ජාතික මහා සභාවට එක් වෙමින් සභාපතිවරයා එසේ කීය.
මෙවර පැවත්වූ විශේෂ අවශ්‍යතා සහිත තැනත්තන් උදෙසා වන ජාතික මහා සභාවේදී වර්තමානයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳ පුළුල් සාකච්ඡාවක් සිදු කෙරිණි.
ඒ අනුව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් හට ගොඩනැගිලි සහ, පොදු ප්‍රවාහන බාවිතයේදී මුහුණ දීමට සිදුව ඇති ප්‍රවේශ පහසුකම්, වාර්ෂික සංඝණනය කිරීම, දැනට පවතින ශ්‍රී ලංකා මුදල් නෝට්ටු හදුනා ගැනීමේ ක්‍රමවේදය තුළ පවතීද යන කාරණය, ආබාධිත ව්‍යවසායකයින් පිළිබඳ බැංකු ගණුදෙණු සහ ණය ගණුදෙණු සිදු කිරීමේ ජාලයේ ඇති අක්රිමිකතා පිළිබඳ සහ සංඥා භාෂා සම්බන්දව පොදු ව්‍යවහාරයක් ඇති කර ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා කෙළේය.
මීට පෙර විශේෂ අවශ්‍යතා සහිත තැනත්තන් උදෙසා ගැසට් පත්‍රිකාවක් සකසා ඇතත් මේ වන විට දිවයින පුරා මෙරට සිටින ආබාධ සහිත පුද්ගලයින් සඳහා එහි ප්‍රවේශ පහසුකම් සපුරාලීමට විධිමත්ව හැකි වී නොමැති බව සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.ඒ අනුව 40% ක පමණ ප්‍රමාණයක් පමණක් වර්ෂ ගනනාවක් තුළ අබාධ සහිත තැනත්තන්උදෙසා ප්‍රවේශ මාර්ග මෙරට ස්ථාපිත කර ඇති බවත් ඉදිරි වර්ෂයන් තුළ එය සීඝ්රයෙන් වර්ධනය කළ යුතු බවත් එම හේතුව ප්රමුඛ කර ගනිමින් මේ වන විට තිබෙන ගැසට් පත්‍රිකාව සංශෝධනය කිරීමට සභාවේ තීන්දු තීරණ මත අවධානය යොමු කර ඇති බව විශේෂ අවශ්‍යතා සහිත තැනත්තන් උදෙසා වන ජාතික මහා සභාවේ සභාපති, සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලාංකික ජනගහනයෙන් මිලියනය 1.6 පමණ ප්‍රමාණයක් ආබාධිත යැයි සැලකෙන පුද්ගලයන් ගණයේ සිටින බවත් මේ වන විට වත්මන් රජය විසින් මෙම පුද්ගලයින් හට විවිධ ආර්ථක , සමාජීය, අධ්‍යාපන , සෞඛ්‍ය මෙහෙවර රාශියක් සිදු කරමින් සිටින බව සභාවේ සාමාජිකයින් හට එහිදී සභාපති වරයා අවධාරණය කළේය.
ඒ අනුව වර්ථමාණයේ ආබාධිතයින් සිටින පවුල් දිරි ගැන්වීම සඳහා වත්මන් රජය ගෙන ඇති රුපියල් 5000 සේ දීමනාව මේ වන විට හදුනාගත් අඩු ආධායම් ලාභී පවුල් 72,000 ට ලබා දී ඇති බවත් ඉදිරියෙදී එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වැඩි කිරීමට අපේක්ෂා කරන බවද, එම ගැටළු පියවරින් පියවර විසදීමට කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් එහිදී කීවේය.