තමා මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කළ කාලසීමටවට අදාළව තම පත්වීම් ලිපිය අනුව තමන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති බව හිටපු මහ බැංකු අධිපති, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තමන් මහබැංකු අධිපති වශයෙන් 2006.07.01 සිට 2015.01.08 දක්වා අවුරුදු අට හමාරකට අධික කාලයක් සේවය කළ බවද ඔහු පවසයි.
තමා මහ බැංකුවෙන් ඉවත්වී අවුරුදු 4කට පසුවද කිසිදු විශ්‍රාම වැටුපක් ලබාදී නොතිබූ බැවින්, ඒ සම්බන්ධයෙන් 2019.02.12 දින එවකට මහබැංකු අධිපති කුමාරස්වාමිට දැනුම් දුන් බවද ඔහු පවසයි.
අනෙකුත් මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසිවිටෙක තමන් විසින් සිදුකර නොමැති බවද ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.