වලසකුගේ දරුණු ප්රහාරයකට ලක් වූ සිවිල් ආරක්ෂක භටයකු ඊයේ (7දා) වැඩි දුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව තන්තිරිමලේ පොලීසිය පවසයි.
මෙලෙස වලස් ප්රහාරයට ලක්ව ඇත්තේ තන්තිරිමලය, රුවන්පුර පදිංචි කටුපොත සිවිල් ආරක්ෂක බලකා මුර පලට අනුයුක්තව සේවය කළ ගුනයාගේ චන්ද්රපාල නැමැති 45 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකි.
ඊයේ (7 දා) සවස 2ට පමණ සඳහා තන්තිරිමලේ කටුපොත කුඹුරු යාය ආසන්නයේ කැලෑබද කොටසට ගොස් සිටියදී මෙම ප්රහාරය එල්ල වී ඇති බව පොලීසිය කියයි.
වලස් ප්රහාරය එල්ල වීම හේතුවෙන් එම සිවිල් ආරක්ෂක භටයාගේ මුහුණට සහ ශරීරයේ ඉදිරිපස දෙසට බරපතළ තුවාල සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාරයේ ඒකකයට ඇතුළත් කළ බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.