කාලය ඉකුත් වූ වීසා බලපත්රයකින් මෙරට රැඳී සිටි පෝලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ගංජා ග්රෑම් පහක් ද ඔහු සන්තකේ තිබී සොයාගෙන ඇතැයි තලංගම පොලිසිය කියයි.
තලංගම අකුරෙගොඩ වැව පාරේ තාවකාලිකව පදිංචිව සිටින විදේශීය ජාතිකයකු සැක සහිත බවට පොලිස් විශේෂ කාර්ය බලකා රාජගිරිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පොලිස් පරීක්ෂක රාමනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (15) සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඒ බව අනාවරණ වී ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පුද්ගලයෙක් වෙන අතර කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.