වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහළයක් මතට නැඟ ආරම්භ කර ඇති විරෝධතාව අද දිනයේදීත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි.
මේ අතර බන්ධනාගාර අමාත්‍යාංශය පවසන්නේ විරෝධතාව අවසන් කර පැමිණෙන්නේ නම් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශ නිලධාරියෙක් යෙදවීමට සූදානම් බවයි.
මූලිකවම නඩු කටයුතු වේගවත් කරන ලෙස ඉල්ලමින් කාන්තා රැඳවියෝ ඊයේ (13දා) බන්ධනාගාර වහළයක් මතට නැගී විරෝධතාවක් ආරම්භ කළෝය.