කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් ඉවත්කර තිබූ වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත පසුගිය(04) වැනිදා සිට නැවතත් කාන්තා රැඳවියන් රැඳවීම සිදුකරනු ලැබිය.
මේ අතර පසුගිය 4 වැනිදා රාත්‍රියේ වනාතමුල්ල ප්‍රදේශයේ සිට සිමා තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් විසිකර ඇති බව වාර්තා වෙයි.
ඒසේ විසිකරන ලද පාර්සල් බන්ධනාගාරය තුලට වැටිම වැලැක්විම සඳහා මිට පෙර සිට බන්ධනාගාරයට ඉහළින් දැල් ආවරණ යොදා ඇති අතර මෙම පාර්සලයද ඒම දැල් ආවරණය මතට වැටි තිබියදි අත්අඩංගුවට ගෙන ඇත.
තවද ඊයේ රාත්‍රියේ 11.45 පමණ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 2ක් කාන්තා අංශයට ඉහළින් ඇති දැල් ආවරණ මත රැදි තිබියදි හා තවත් ඒක් පාර්සලයක් ඒ අසල බිම වැටි තිබියදි අත්අඩංගුවට ගෙන තිබේ