වැලි, පස්/ බොරළු හා කළුගල් ප්රවාහණය සඳහා අවශ්‍ය බලපත් ලබා දීම සඳහා මාර්ගගත වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන විසින් ගනු ලබන පරිසරයට අදාල තීන්දු තීරණ සම්බන්ධව මාධ්‍ය වෙත දැනුම් දීම සඳහා සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුව අද දින (21) පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ඊට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කළේය.
සේවාවන් ලබා ගැනීම සඳහා රජයේ කාර්යාල වෙත පැමිණෙන ජනතාව අවම කරමින් ඔවුන්ට පහසුවෙන් සේවාවන් ලබා ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ පියවර ගන්නැයි ජනාධිපති විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට දිනකට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් ප්‍රදේශීය කාර්යාලවලට දිනපතා ප්‍රවාහණ බලපත් ලබා ගැනීමට 1000-2000ත් අතර පිරිසක් පැමිණෙති. එමෙන්ම වසරකට නිකුත් කෙරෙන ප්‍රවාහණ බලපත් ප්‍රමාණය ලක්ෂ 10 ඉක්මවයි. වාර්ෂිකව ප්‍රවාහණ බලපත් අලුත් කළ යුතු බැවින් දිනපතා මෙම කාරණය සම්බන්ධව දැඩි තදබදයක් පවතී.
එමෙන්ම මෙම වසරේ ගත වු කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති ප්‍රවාහණ බලපත් ප්‍රමාණය 777,000කි.
ප්‍රවාහණ බලපත් නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීමත් මෙම වැඩ සටහනේ එක් අරමුණක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.