වැලි මිල ඉහළ නැංවීම වෙනුවෙන් ඇතැම් කූඨ ව්‍යාපාරිකයන් සිදුකරන විවිධ ක්‍රියාවන් නැවැත්වීම වෙනුවෙන් ඉදිරි සති දෙකක කාලය තුළදී ලංකාවේ ඒ ඒ දිස්ත්‍රික්ක වෙනුවෙන් නිශ්චිත වැලි මිලක් හඳුන්වාදීමට කටයුතු කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කරයි.
එසේම වැලි ප්‍රවාහන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක අංශවලද සහයෝගය ලබාගනිමින් ලංකාවේ තෝරාගත් ස්ථාන කිහිපයක අධීක්ෂන මුර පොළවල් ස්ථාපිත කරන බවද ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම වැලි කැණීම් සඳහා බලපත්‍ර ලබාදීමේදී එය වෙනත් පාර්ශ්වයකට පැවැරීම තහනම් බවත් අදාළ දිස්ත්‍රික්කයන්හි පදිංචිකරුවන්ට මූලිකත්වය ලබාදෙමින් වැලි කැණීම් බලපත්‍ර නිකුත් කර ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවීමටත් පාරිසරික සුරක්ෂිතතාවය ඇති කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.