වරාය හා නාවික කටයුතු ඇමති වරාය නීරික්ෂණ චාරිකාවක
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අද (28) දින කොළඹ වරාය නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී එතුමා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සභාපති කාර්යාලය, හාබර් මාස්ටර් කාර්යාලය, , ජයබහළු පර්යන්තයේ පරිපාලන ගොඩනැගිල්ල යනාදී ස්ථාන රැසක් නිරීක්ෂණය කළේය.
එම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂක අතුල හේවාවිතාරණ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් රාශියක් සහභාගී විය.


popular news
-
ගමගේ Saturday, 29 December 2018 05:37 AM
මොන වරායේ අට බෝලයකද මෙය දන්නේ ... ඔක්කොම සුදුසු කමින් අඩු පහත්පෙලේ අය තමයි අපේම කාලකන්නි කමට පක්ෂ ලිස්ට් වලින් දල අපට චන්දෙ දෙන්න කියල එවන්නේ .. මේක ආවත් අනෙක ආවත් ගියත් රටට චිට් එක තමයි ... හොරකම් මැරකම් කොමිස් අල්ලස් කුඩු පතලයන්ගෙන් අඩුවක් නැත ....
Reply : 0 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
