කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට මේ වන විටත් සමාගම් 6ක් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“වරාය නගරයේ කටයුතු ඉදිරියට කරගෙන යනවා. සාමාන්‍ය රෙගුලාසි කෙටුම්පත් කරලා ගැසට් කරන්න යවලා තියෙන්නේ. මූල්‍ය රෙගුලාසි සකස් කරමින් තිබෙනවා.
ඒය පාර්ලිමේන්තුවට ගෙනල්ලා ගැසට් කරනවා. වරාය නගරයේ ආයෝජනය කරන්න මේ වන විටත් සමාගම් හයක් සූදානමින් සිටිනවා.
මෙහි අපජල පද්ධතිය සඳහා අවශ්‍ය රුපියල් මිලියන 200ක මුදල ජනපතිතුමා මේ වන විටත් අපිට ලබාදී තිබෙනවා. වරාය නගරය තුළ තාවකාලික ව්‍යාපාර කිරීමට අවස්ථාව දෙනවා. ප්ර්රධාන ව්‍යාපර ආපුවාහ අපි මේ ව්‍යාපාර ඉවත් කරනවා. ජනතාවට මේවා භාවිත කරන්න පුළුවන්”