ඩුබායි හී ෂැංග්‍රී-ලා හෝටලයේ දී පසුගිය මාර්තු 28දා පැවැති “ග්ලෝබල් පෝට් ෆෝරම් 2021” (GPF) සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද සුවිශේෂී සම්මාන දෙකක් හිමිවිය. “2021 වසරේ වරාය අධිකාරිය” සහ “2021 වසරේ හොඳම රාජ්‍යය බහලූ පර්යන්තය” යන සම්මාන දෙක ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි විය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්රසන්තජයමාන්න හා කළමණාකාර අධ්යක්ෂ උපුල් ජයතිස්ස යන මහත්වරුන් විසින් මෙම සම්මාන ලබා ගන්නා ලදී.

