ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභපති ලෙස ප්රමුඛ ව්‍යාපාරිකයෙක් වන ආචාර්ය ප්රසාන්ත ජයමාන්න මහතා පත් කර තිබේ. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපතිවරයෙක් ලෙසද ඔහු කටයුතු කර තිබේ. මීට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස නිහාල් කැප්පෙටිපොල මහතා කටයුතු කළේය.
