වර්ධරාජා පෙරුමාල්ගේ සහායත් ගෝඨාට
මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ජනාධිපතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එම පක්ෂයේ නායක වර්ධරාජ පෙරුමාල් මහතා ඊයේ (12දා) එක්වෙමින් මේ බව ප්‍රකාශයට පත්කළේය.
මීට අමතරව සමස්ත ලංකා දෙමළ මහා සභාවද ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කළ අතර එහි නායක හා මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කේ.විග්නේෂ්වරන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
"එක්තරා කාලයක් රට බෙදා වෙන් කරන්න මම සටන් කළා. ඒ වෙනකොට තවත් පිරිසක් මේක සිංහල බෞද්ධ රටක් කියලා සටන් කළා. රට බෙදා වෙන්කිරීමේ සටනට එක් වූ මම ආයෙත් මේ රට බෙදා වෙන්කරන්න එක්වෙන්නේ නැහැ. දෙමළ ජනතාවත් රට බෙදා වෙන්කිරීමට කැමැති වෙන්නේ නැහැ"
මේ රට බෙදා වෙන්කරන සටනක් මින් ඉදිරියට ඇතිවෙන්නේ නැහැ. දෙමළ ජනතාව ඒකට කැමැති නැහැ. සිංහල බෞද්ධ රටක් විදිහට කවුරුවත් සටන් කරනවාට කවුරුත් කැමැති නැහැ. මේක සියලු ජාතින්ට අයත් රටක් .මේ රටේ පසුගිය කාලයේ යුද්ධයක් ඇති වුණා.
රට විනාශ වුණා. ඒකීය රට තුළ ජාති භේද ඇති වුණා. එකිනෙකා අවිශ්වාස කරන තත්ත්වයක් ඇති වුණා. දැන් මේ රටේ සියලු දෙනාට සහෝදරයන් වගේ ඉන්න පුළුවන්කමක් ඇතිව තියනවා. මේ රටේ සියලු ජාතීන්ගේ අනන්‍යතාව ඇතිවන ආකාරයට රටේ අපි සියලුදෙනා එක්ව ගොඩනැගිය යුතුයි." යැයි වර්ධරාජා පෙරුමාල් මහතා පැවැසීය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව

popular news
-
රජින්ද Monday, 14 October 2019 06:51 AM
මේ අර උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත්කල එකානේද හාමුදුරුවනේ
Reply : 0 0
Champa Monday, 14 October 2019 10:37 AM
හොඳයි වැඩේ. පොහොට්ටුවේ දැන් දේශප්‍රේමීන්ට දේශ හිතෛෂීන්ට සිංහලයන්ට තැනක් නැහැ. දැන් මේකේ ඉන්නේ වර්ධරාජාල තොන්ඩමන්ලා රාශික්ල පිල්ලයාන්ලා තව TNA එක එක්කත් සාකච්චාලු. මේගොල්ලෝ තමයි කියන්නේ ලංකාව වෙන්න ඕනේ මොන වගේද කියල. මේ රට සිංහල බෞද්ධයන්ගේ රට කියල කියන්න කොන්ද පණ තියන එක අපේක්ෂකයෙක් නැහැ.
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

