අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව අද (07) සිට ආරම්භ කල වර්ජනය හේතුවෙන් මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ බලෙන් රඳවාගෙන ප්‍රතිකාර කර උම්මත්තක රෝගීනට පීඩා විඳිමට සිදුවන බව එම රෝහලේ වැඩ බලන අධ්යක්ෂ ධම්මිකා විජේසිංහ සඳහන් කරයි.
සෞඛ්‍ය කණ්ඩායම් සිය අයිතිවාසිකම් වෙනුවෙන් වර්ජනය ක්‍රියාත්මක කරනවිට මානසික රෝගීන්ගේ අයිතිවාසිකම් අහිමිව ඇති බැවින් මේ හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවකට පත්ව සිටින බවද ඇය සඳහන් කරයි.
රෝහල් ගතවන වෙනත් රෝගියෙකු හා සැසඳිමේදී සාමාන්‍ය රෝගියෙකු රෝහල් ගතවන්නේ සිය රෝගයට ප්‍රථිකාර ලබා ගැනීම පිලිබඳ යම් අවබෝධයක් සහ කැමැත්තක් ඇතිව වුවත් මානසික රෝගියෙකු ඔවුන්ගේ කැමැත්ත හෝ අවබෝධයෙන් තොරව සිය ඥාතින්ගේ බලපෑමෙන් රැගෙන විත් ප්‍රථිකාර කිරීමට යොමු කරන බවද ඇය පැවසීය.
එමෙන්ම සාමාන්‍ය රෝගියෙකුගේ ඇඳ අසල ඥාතියෙකුට රැඳි සිටිය හැකි වුවද මානසික අබාධයන්ට ලක්වූ රෝගියෙකු අසල ඥාතියෙකු රැඳි සිටිමට ඉදිරිපත් නොවන පසුබිමකදි එවැනි රෝගීන්ගේ වැඩි වගකීමක් පැවරෙනුයේ රෝහල් කාර්යමණ්ඩලයට බවද ඇය වැඩිදුරටත් සඳහන් කලාය.
එමෙන්ම සාමාජිය වශයෙන් ගත් කල වඩාත්ම සංවේදි න්නේ මානසික ආබාධයන්ට ලක්ව ඇති රෝගින් බවත් ඔවුන් රැක බලා ගැනීම වඩා අවබෝධයෙන් සහ අවධානයෙන් සිදුකල යුතු කටයුත්තක් වන හෙයින් රෝගී තත්ත්වය උත්සන්න වූ අවස්ථාවන්හීදි රෝගියාට අපහසුතාවක් ඇති නොවන පරිදි ඔවුන් ශාරිරිකව බැඳ දැමීමට සිදුවන බවත් ඥාතියෙකු හෝ ලඳ නොමැති බැවින් අදාල රෝගීන් වැසිකිලි රැගෙන යාම වැනි සනීපාරක්ෂක කටයුතු වලද වගකීම රෝහල් කාර්ය මණ්ඩලයට පැවරෙන බවද ඇය පැවසීය.
මෙකී තත්ත්ව යටතේ රෝගියාගේ හුස්ම ගැනීමේ වේගය, හෘද ක්‍රියාකාරිත්වය, රුධිර පීඩනය, සහ වෙනත් අතුරු ආබාධයන් පිලිබඳව අධීක්ෂණය කිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු බවද ඇය සඳහන් කරනුයේ එසේ අධීක්ෂණය නොකල හොත් ඔවුන්ට ලබා දෙන අධි මාත්‍රා නිදි එන්නත් තුලින් ඔවුන්ගේ මරණය පවා සිදුවීමට ඉඩ ඇති බවත් මේ හේතුවෙන් සිය වෘත්තීය අයිතිවාසිකම් යටතේ රෝගියා නොතකා හැරීම් රෝගීන්ට දැඩිව බලපාන කාරණයක් බවයි.
මෙවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍ය රෝගියෙකු මෙම වැඩ වර්ජනය තුළින් පීඩාවට පත් වනවාට වඩා කිහිප ගුණයකින් මානසික රෝගීන පීඩාවට පත්වන බවත් ඇතැම් විට සිය වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් සෞඛ්‍ය කණ්ඩායම් කරන සටනේදි මානසික රෝගීන්ද සිය අවසන් ගමන් යාමට ඉඩ ඇති බවද ඇය පෙන්වා දෙයි.
එසේම පිළිකා රෝහල්, ළමා රෝහල්, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල් සේම මානසික රෝහලේද වර්ජනය ක්‍රියාත්මක නොකිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති පියවර ගන්නේ නම් එය මානුෂීය සත්කාරයක් බවත් ඇය වැඩිදුරටත් පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා