රට සිදු කෙරෙන වර්ජන රැල්ල පිටුපස කුහක, ආණ්ඩු විරෝධී ඒකාබද්ධ විපක්ෂයේ හස්තයක් ඇති බවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
සිරිකොතදී අද (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ ලබාදී ඇති නිදහස තුළ ආණ්ඩුව තාප්පයට හේත්තු කර ජයග්‍රහණ ලබාගැනීමට කිසිවෙකු සිතන්නේ නම් එය නිෂ්ඵල ක්‍රියාවක් වන බවයි.